ඉදිකිරීම් තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව (NVQ 6)






ආදර්ශ පාඨය
ඉදිකිරීම් තාක්ෂණයේ සැබෑ ලෝකයේ පවතින් අභියෝගයන්ට මුහුණ දීමට සහ අනාගත වෘත්තිකයෙකු ලෙස ඔබව කැපී පෙනෙන නිපුණතා ලබා ගැනීමට ඔබේ ඉදිකිරීම් වෘත්තිය හැඩගස්වාගන්න!
කෙටි හැඳින්වීම
ඉදිකිරීම් තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව යනු තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) විසින් පිළිගත් පූර්ණ කාලීන, වසර 3 ක පාඨමාලාවක් වන අතර, එහි නිමාව NVQ 5 වන මට්ටම සහ NVQ 6 වන මට්ටම වේ. මෙම වැඩසටහන මඟින් සිසුන්ට ඉදිකිරීම් තාක්ෂණ සහ සිවිල් ඉංජිනේරු ක්ෂේත්රවල න්‍යායාත්මක දැනුම, කර්මාන්තයට සූදානම් නිපුණතා සහ තාක්ෂණික කුසලතා පිළිබඳව ශක්තිමත් පදනමක් සපයයි. අති නවීන ඉගෙනුම් පරිසරය අපගේ සිසුන්ට ඉදිකිරීම් අංශයේ ප්රමුඛ වෘත්තිකයන් ලෙස විශ්වාසයෙන් හා කර්මාන්තයට අදාළ වන ලෙස වෘර්තිය භූමිකාවන් භාර ගැනීම සඳහා පරිපූර්ණ බව සහතික කරයි. සාර්ථකව නිම කිරීමෙන් පසුව, අපගේ ඩිප්ලෝමාධාරීන් වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ (UNIVOTEC) හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාලවල තම ඩිප්ලෝමාව උපාධිය තෙක් ගෙන යාමට සුදුසුකම් ලබයි
වැඩසටහනේ ප්‍රතිඵල
ඉදිකිරීම් තාක්ෂණය පිළිබඳ ඩිප්ලෝමාධාරීන්ට සාර්ථකව සහ ඵලදායී ලෙස පහත සඳහන් දේ කළ හැකි වනු ඇත:
ඉදිකිරීම් තාක්ෂණය, ද්‍රව්‍ය සහ ව්‍යුහාත්මක පද්ධති පිළිබඳව පුළුල් න්‍යායික හා ප්‍රායෝගික දැනුම විදහා දැක්වීම.
බිම් මැනුම්, කෙටුම්පත් සහ ඉදිකිරීම් මිනුම් ශිල්පීය ක්‍රම නිවැරදිව යොදාගැනීම.
කාලසටහන්ගත කිරීම, පිරිවැය ගණනය සහ සම්පත් වෙන් කිරීම අනුව ඉදිකිරීම් ව්‍යාපෘති සැලසුම් කිරීම, සංවිධානය කිරීම සහ කළමනාකරණය කිරීම.
ඉදිකිරීම් ආශ්රිත අභියෝග විශ්ලේෂණය කර සුදුසු, ආරක්ෂිත සහ තිරසාර විසඳුම් වැඩි දියුණු කිරීම.
ඉදිකිරීම් ඉංජිනේරු අභ්‍යාසයන්ට අදාළ නවීන මෙවලම්, මෘදුකාංග යෙදුම් සහ උපකරණ භාවිත කිරීම.
ඉදිකිරීම් මෙහෙයුම්වලදී වෘත්තීය සෞඛ්‍ය, ආරක්ෂාව, ගුණාත්මකභාවය සහ අවදානම් කළමනාකරණ මූලධර්ම යොදා ගැනීම.
ඉදිකිරීමමේ ක්‍රියාවලීන්ට පාරිසරික හා තිරසාරභාවය පිළිබඳ සැලකිලිමත්වීම් ඒකාබද්ධ කිරීම.
වෘත්තීය සන්දර්භයන් තුළ ලිඛිත, වාචික සහ චිත්‍රක ආකාර භාවිත කරමින් ඵලදායී ලෙස සන්නිවේදනය කිරීම.
කණ්ඩායම් තුළ කාර්යක්ෂමව කටයුතු කිරීම සහ අධීක්ෂණ භූමිකාවන්හි නායකත්ව වගකීම් භාර ගැනීම.
ඉදිකිරීම් කර්මාන්තය තුළ සදාචාරාත්මක, වගකිවයුතු සහ වෘත්තීය හැසිරීම් විදහා දැක්වීම.
ක්‍රමයෙන් විකාසයට පැමිණෙන කර්මාන්ත ප්රවණතාවලට අනුවර්තනය වීම සඳහා අඛණ්ඩ ඉගෙනීමේ සහ වෘත්තීය සංවර්ධනයේ නිරත වීම.
ඉදිකිරීම් අංශයේ තාක්ෂණික, අධීක්ෂණ සහ කළමනාකරණ තනතුරු සඳහා අවශ්‍ය රැකියාවක යෙදවිය හැකිවීමේ කුසලතා විදහා දැක්වීම.
පහසුකම්
- ඉදිකිරීම් තාක්ෂණ විද්‍යාගාරය
- පරිගණක විද්‍යාගාරය
- චිත්‍ර කාමරය
- ස්මාර්ට් පන්ති කාමරය
- පුස්තකාලය
වෘත්තීය අවස්ථා
ඉදිකිරීම් තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමාව (NVQ 5 වන මට්ටම) සහ උසස් ජාතික ඉදිකිරීම් තාක්ෂණය පිළිබඳ ඩිප්ලෝමාව (NVQ 6 වන මට්ටම) සහිතව සුදුසුකම් ලබන අපගේ ඩිප්ලෝමාධාරීන් ඉදිකිරීම් තාක්ෂණය, සිවිල් ඉංජිනේරු විද්‍යාව සහ ප්‍රමාණ සමීක්ෂණ ක්ෂේත්රවල දේශීය හා ගෝලීය වේදිකාවන්හි මනාව ආරක්ෂිතව තනතුරු දරයි. විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත කර්මාන්තයේ මෙම අභියෝගාත්මක සහ නිරන්තරයෙන් ඉල්ලුමක් පවතින විෂය ක්ෂේත්රය තුළ ඔබට ඔබේ සිහින වෘත්තිය පහත වෘර්තින්ගෙන් ආරම්භ කළ හැක:
- සහකාර වැඩබිම් ඉංජිනේරු
- කනිෂ්ඨ ඉංජිනේරු
- ඉදිකිරීම් අධීක්ෂක/ප්‍රධාන කාර්යමණ්ඩල සාමාජික
- තාක්ෂණික නිලධාරී
- ඉදිකිරීම් කාර්මික
- සහකාර ප්‍රමාණ සමීක්ෂක
- වෘත්තීය උපදේශක/පුහුණුකරු
- ව්‍යවසායක/කොන්ත්‍රාත්කරු
වැඩසටහන්වල අධ්‍යයන කාලසටහන
NVQ 5 වන මට්ටම – ඉදිකිරීම් තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමාව
| අධ්‍යයන වාරය | කාලය |
|---|---|
| අධ්‍යයන වාරය I | මාස 06 |
| අධ්‍යයන වාරය II | මාස 06 |
| රැකියා පුහුණුව - NVQ 5 | මාස 06 |
මොඩියුලවල අධ්‍යයන වාර බෙදා දැක්වීම
-
අධ්‍යයන වාරය I
-
අධ්‍යයන වාරය II
| මොඩියුල කේතය | මොඩියුලය | වර්ගය |
|---|---|---|
| FC45001M01 | ඉදිකිරීම් තාක්ෂණය සඳහා ගණිතය | C |
| FC45001M02 | තාක්ෂණික ඇඳීම | C |
| FC45001M03 | ව්‍යුහාත්මක යාන්ත්‍රික විද්‍යාව | C |
| FC45001M04 | ද්‍රාව විද්‍යාව 1 | C |
| FC45001M05 | ඉදිකිරීම් ද්‍රව්‍ය | C |
| FC45001M06 | බිම් මැනුම සහ මට්ටම් කිරීම | C |
| EMPM01 | සේවා ස්ථාන තොරතුරු කළමනාකරණය | C |
| EMPM02 | සේවා ස්ථාන සන්නිවේදන කළමනාකරණය | C |
| මොඩියුල කේතය | මොඩියුලය | වර්ගය |
|---|---|---|
| FC45001M07 | පාංශු යාන්ත්‍රික විද්‍යාව | C |
| FC45001M08 | ඉදිකිරීම් සැලසුම්කරණය | C |
| FC45001M09 | ගොඩනැගිලි තාක්ෂණය I | C |
| FC45001M10 | ප්‍රමාණ පනත් කෙටුම්පත සැකසීම, අයවැයකරණය සහ ඇස්තමේන්තුව | C |
| FC45001M11 | අධිවේගී මාර්ග තාක්ෂණය I | C |
| FC45001M12 | ජල සම්පාදන, ජලාපවහන සහ මලාපවහන තාක්ෂණය I | C |
| FC45001M13 | වාරිමාර්ග තාක්ෂණය | C |
| EMPM03 | සේවා ස්ථානයේ කළ යුතු වැඩ සැලසුම් කිරීම | C |
C – Compulsory | E – Elective
NVQ 6 වන මට්ටම – ඉදිකිරීම් තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව
| අධ්‍යයන වාරය | කාලය |
|---|---|
| අධ්‍යයන වාරය I | මාස 06 |
| අධ්‍යයන වාරය II | මාස 06 |
| රැකියා පුහුණුව - NVQ 5 | මාස 06 |
| අධ්‍යයන වාරය III | මාස 06 |
| අධ්‍යයන වාරය IV | මාස 06 |
| රැකියා පුහුණුව - NVQ 6 | මාස 06 |
මොඩියුලවල අධ්‍යයන වාර බෙදා දැක්වීම
-
අධ්‍යයන වාරය III
-
අධ්‍යයන වාරය IV
| මොඩියුල කේතය | මොඩියුලය | වර්ගය |
|---|---|---|
| FC45001M14 | ව්‍යුහාත්මක විශ්ලේෂණය සහ ව්‍යුහාත්මක නිර්මාණයේ මූලිකාංග | C |
| FC45001M15 | ද්‍රාව විද්‍යාව II & ජල විද්‍යාව | C |
| FC45001M16 | ගොඩනැගිලි තාක්ෂණය II | C |
| FC45001M17 | ගොඩනැගිලි උපකරණ සහ පස් වැඩ මෙහෙයුම් | C |
| FC45001M18 | තාවකාලික ගොඩනැඟිලි | C |
| EMPM04 | ගැටළු විසඳීම සහ තීරණ ගැනීම | C |
| EMPM05 | කණ්ඩායම් වැඩ සහ නායකත්වය | C |
| මොඩියුල කේතය | මොඩියුලය | වර්ගය |
|---|---|---|
| FC45001M19 | උසස් පාංශු යාන්ත්‍රික විද්‍යාව | C |
| FC45001M20 | ඉදිකිරීම් සඳහා කොන්ක්‍රීට් | C |
| FC45001M21 | ඉදිකිරීම් කළමනාකරණය | C |
| FC45001M22 | අධිවේගී මාර්ග තාක්ෂණය II* | E |
| FC45001M23 | වාරිමාර්ග තාක්ෂණය II & බිම් ගොඩකිරීම* | E |
| FC45001M24 | වාරිමාර්ග තාක්ෂණය II & බිම් ගොඩකිරීම* | C |
| EMPM06 | ඉගෙනුම් සංස්කෘතියක් නිර්මාණය කිරීම සහ පවත්වාගෙන යාම | C |
C – Compulsory | E – Elective
ඇතුළත් වීම සඳහා තිබිය යුතු සුදුසුකම්
පහත සඳහන් එක් ඇතුළත් වීමේ එක් සුදුසුකමක් හෝ ඔබට තිබේ නම්, අපගේ වාර්ෂික පාඨමාලා ප්‍රවේශ චක්‍ර සඳහා අයදුම් කරන්න
- දෘඩාංග තාක්ෂණය (සිවිල් තාක්ෂණය) හෝ ඉංජිනේරු තාක්ෂණය සඳහා සම්මාන සාමාර්ථයක් සහිතව භෞතික විද්‍යාව හෝ ජීව විද්‍යාව යන විෂයයන්ගෙන් හෝ භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව හෝ කලා විෂයයන්ගෙන් අ.පො.ස. (උ/පෙළ) සාමාර්ථ තුනක් (03)
සහ
- අ.පො.ස. (සා/පෙළ) විභාගයේ ගණිතය සඳහා සම්මාන සාමාර්ථය
හෝ
- පහත සඳහන් එක් පාඨමාලාවකින් NVQ 4 වන මට්ටමේ සහතිකයක්:
- ඉදිකිරීම් ශිල්පී (පෙදරේරු, F45S005)
- ජලනල කාර්මික (E4IS001)
- සැලසුම් ශිල්පී (F45S009)
- ඉදිකිරීම් වැඩබිම් අධීක්ෂක (F45S006)
- දැව ශිල්පී (ගොඩනැගිලි, F45S004), / ගෘහ භාණ්ඩ (D36S001)
- ඇලුමිනියම් පිරිසැකසුම්කරු (F45S003)
- ප්‍රමාණ සමීක්ෂණ සහකාර (F45S007)
- කාර්මික ජලනල කාර්මික (E41S002)
- ගොඩනැගිලි සේවා කාර්මික (F45S0I5)
- බහු ශිල්පීය ඉදිකිරීම් ශිල්පී / බහු ශිල්පීය කාර්මික (F45S018)
සහ
- අ.පො.ස. (සා/පෙළ) විභාගයේ ගණිතය සඳහා සම්මාන සාමාර්ථය