2026 නව බඳවා ගැනීම
2026 නව බඳවා ගැනීම
අයදුම්පත් පිරවීම සඳහා උපදෙස්
ලියාපදිංචි කිරීමේ දැන්වීම
අයදුම්කරුවන් සඳහා පොදු උපදෙස්
කරුණාකර ඉහත සබැඳිය (link) භාවිතයෙන් බඳවා ගැනීමේ දැන්වීම බාගත කර (download), අයදුම් කිරීමට පෙර පාඨමාලා විස්තර හොඳින් කියවන්න.
උසස් ජාතික ඩිප්ලෝමා (HND) පාඨමාලා සඳහා අවම ඇතුළත් වීමේ සුදුසුකම වන්නේ:
- එකවර අදාළ විෂය ධාරාවෙන් අ.පො.ස. (උසස් පෙළ) විභාගය සඳහා සාමාර්ථ තුනක් (03) ලබා තිබීම
හෝ
- 2026 අගෝස්තු 21 දිනට හෝ ඊට පෙර වලංගු වන පරිදි NVQ 4 මට්ටමේ සුදුසුකමක් ලබා තිබීමයි.
එක් එක් පාඨමාලාවලට අදාළ විශේෂිත ඇතුළත් වීමේ සුදුසුකම් සඳහා කරුණාකර වෙබ් අඩවිය පරිශීලනය කරන්න.
අයදුම්කරුවන් 2026 අගෝස්තු 21 දිනට වයස අවුරුදු 29 ට අඩු විය යුතුය.
අයදුම්පත සම්පූර්ණ කිරීම සඳහා උපදෙස්
අයදුම්පත ඉදිරිපත් කිරීමට පෙර, පහත සඳහන් ලේඛනවල පැහැදිලිව ස්කෑන් කරන ලද පිටපත් (PDF/JPG/PNG ආකෘතියෙන්) උඩුගත කිරීම (upload) සඳහා සූදානම් කර ඇති බවට වග බලා ගන්න:
- අ.පො.ස. (උසස් පෙළ) සහතිකය හෝ NVQ සහතිකය
- ගෙවීම් පත්‍රිකාව (රු. 1,000 ක මුදල ගෙවූ බවට සාක්ෂි)
ආපසු නොගෙවනු ලබන රු. 1,000 ක අයදුම්පත් ගාස්තුව මහජන බැංකුවේ ඕනෑම ශාඛාවකට ගෙවිය යුතුය.
ගිණුම් නාමය | : බටන්ගල විශ්වවිද්‍යාල විද්‍යායතනය |
ගිණුම් අංකය | : 029100140037975 |
බැංකුව | : මහජන බැංකුව |
ශාඛාව | : අවිස්සාවේල්ල ශාඛාව |
අයදුම්පත යොමු කිරීම
2026 අගෝස්තු 21 දිනට හෝ ඊට පෙර "Apply Now" සබැඳිය භාවිතයෙන් මාර්ගගත (online) අයදුම්පත සම්පූර්ණ කර ඉදිරිපත් කරන්න.
අයදුම්පත ඉංග්‍රීසි භාෂාවෙන් සම්පූර්ණ කළ යුතුය.
අයදුම්පත ඉදිරිපත් (Submit) කිරීමෙන් පසු,
- දිස්වන WhatsApp සබැඳිය හරහා “2026 Intake – New Applicants” යන WhatsApp සමූහයට (group) සම්බන්ධ වන්න.
- ඔබගේ අයදුම්පතේ පිටපතක් ඔබගේ විද්‍යුත් තැපෑලට (email) එවනු ලැබේ. එය මුද්‍රණය කර (print) පහත දක්වා ඇති ලිපිනයට තැපැල් මගින් එවන්න.